සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන සිදුකළ බවට විහාරාධිපති හිමිනමක් සැකපිට සූරියවැව පොලිසිය මගින් ඊයේ (18) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සූරියවැව රන්මුදු වැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමිනම එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම විසින් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව සදහන්.
ලිංගික අපයෝජනයට ලක් වූ සාමණේර හිමිනම ප්‍රතිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකාර හිමිනමට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධව පැමිණිලි රැසක්ද,හම්බන්තොට මහාධිකරණය හමුවේ බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් ද විභාග වෙමින් පවතින බව සදහන්.














































