ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබූ මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බවට සමාජ සවි බලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන දීමනාව රුපියල් 10,000 සිට 20,000 දක්වා ද, ආබාධිතවූවන්ට ස්වයං රැකියා දීමනාව රුපියල් 25,000 සිට 40,000 දක්වා ද, ආබාධිතවූවන්ගේ උපකරණ දීමනාව රුපියල් 15,000 සිට රුපියල් 35,000 දක්වා ද, ඉහළ දමන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා පිරිනැමූ 250,000 ආධාරය රුපියල් ලක්ෂ 5 ක් දක්වා ද, ඔවුන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමේ දීමනාව රුපියල් 150,000 සිට රුපියල් 250,000 ක් දක්වා ද, ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමේ ආධාරය රුපියල් ලක්ෂය දක්වා ද, ඉහළ දැමූ බවට රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































