වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඇතුලු දෙදෙනකු මෝටර් රථයකින් මීගමුව දෙසට පලා යමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් මීගමුව කොප්පරා හංදිය ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරු මෙම වෙඩි තැබීම සිදුකිරීම සදහා වෙඩික්කරු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරු බවට පොලීසිය පවසයි.
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් (9) දින නිවස අසලදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල සහිත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සදහන්.
දෙමටගොඩ ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ජාවරම්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවත්, මත්ද්‍රව්‍ය ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල් වී ඇති බවත් පොලීසිය පවසයි.














































