කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනිමට ගිය කල්මුනේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් සහ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
කාන්තාවකගෙන් ලැබුණු පැමිණිලලකට අනුව ක්‍රියාත්මක වු අල්ලස් දෙපාර්මේන්තුවේ නිළධාරින් කල්මුණ ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .
කල්මුණ පොලීසිය විසින් පවත්වාගෙන යන නඩුවකට සම්බන්ධ අම්පාර වරිපතන් චේන මජීඩ් පුරම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවගෙන් උසාවියේ ඇති නඩුව අවසන් කර දීමේ පොරොන්දුව මත ලිංගික අල්ලස් ලබා ගැනීමේ අරමුණින් එම කාන්තාව සමඟ කල්මුණේ හිමායා බිච් හොටලේ සිටි අවස්ථාවේදී අල්ලස් දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .














































