පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීම සාධාරණ ද නැද්ද යන්න සම්බන්ධයෙන් කැස්බෑව හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතා ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති වීඩියෝ සාකච්ඡාවක දී ප්‍රකාශ කරන ලදී.
ලක්ෂමන් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ කිසිදු දීමනාවක් නොමැතිව ජනතාව වෙනුවෙන් නිතරම ඇප කැප වී වැඩ කිරීමට සූදානම් බවයි.
එමෙන්ම ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් බවත් , දීමනා රහිතව දේශපාලනය කිරීමට ඉඩ දෙන ලෙසත් , පළාත් පාලන සංසදය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කරන බවත් ය.













































