වන් ගෝල්ෆේස් වෙළද සංකීර්ණයේ වූ ආපනශාලාවක ප්‍රධාන කෝකියා සහ කළමණාකාරවරයා ඇතුළු පිරිසක් සමඟ ඇතිවූ ගැටුමක් වාර්තා වේ.
මෙලෙස ගැටුම ඇතිවී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ,සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් 5දෙනෙකු සහ ආපනශාලාවේ එකී පිරිස අතරයි.
මෙහිදී බීමත් පිරිස විසින් පහරදිමක්ද සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ ආපන ශාලාවේ ප්‍රධාන කෝකිවරයා හා සැරයන්වරයා මේවනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.














































