ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පොලිසිය විසින් විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස්පති කාර්යාලය පවසා තිබේ.
ඒ වරෙන්තු ලැබී සැගවී සිටින්නන්, ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයන් ඇතුළු අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට බව සදහන් වේ.
ඒ අනුව දිවයින පුරා එම මෙහෙයුම ඊයේ පස්වරු 6.00ට ආරම්භ වූ බවත් 15වැනිදා පෙරවරු 6.00දක්වා ක්‍රියාත්මක වන බවත් සදහන් වේ.














































