සිංගප්පූරුවේදී මහල් නිවාසයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ ගෘහ සේවිකාව සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිඳු කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය කටයුතු කර ඇති බවත් , එහි සභාපති හිල්මි අසීස් මහතාගේ උපදෙස් පරිදි අදාළ විමර්ශනය සිඳු කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව එම ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනය රැගෙන ඒම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































