ඊයේ (17) රාත්‍රි 8.45ට පමණ කන්තලේ 96 ගල්මැටියාව ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
පසුව එම දුම්රියෙන්ම මෘත දේහය කන්තලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් කන්තලේ මූලික රෝහල වෙත භාර දුන් බව සදහන් .
වාර්තා වන ආකාරයට මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමග කුඹුරු වැඩ කර ඇති අතර පසුව වැඩ නිමවී රේල්පාර මත වාඩි වී මැත්පැන් පානය කර තිබේ .
පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයාට එම ස්ථානයේ නින්ද ගොස් සිට ඇති බව වාර්තා වේ .
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කන්තලේ පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































