ගලෙන්බිදුණුවැව කොකාවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව කොකාවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පඩිකාරමඩුව ප්‍රදේශයේ සිඳුකළ වැටලීමක දී අලෙවිය සඳහා සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.2 ක ප්‍රමාණයක් ලඟ තබා ගෙන සිටි තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරුවන් හුරුළුනිකවැව , කුරුණෑගල , පඩිකාරමඩුව සහ රත්මල්වැටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්.














































