පළාත් පාලන මැතිවරණ නාම යෝජනා අවලංගු කර එම මැතිවරණය ද අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක යෝජනා කර තිබේ.
මහ නගර සභා 24ක් , නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයින් 8,711 ක් තෝරා ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේ දී නාමයෝජනා කැඳවා තෝරාගත් අපේක්ෂකයෝ 80,672 දෙනාගේ නාම යෝජනා මේ අනුව අවලංගු වනු ඇතැයි වාර්තා වේ.
අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (07) පාර්ලිමේන්තුවේ දී රැස්වූ රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් පාලන හා පළාත් සභා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ මෙම යෝජනාව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා විසින් යෝජනා කර තිබේ.
දැනට ලබා ගෙන ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන මැතිවරණය අවලංගු කරන ලෙසට ගෙනා මෙම යෝජනාව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේ දී කාරක සභා සාමාජිකයන් පෙන්වා දී ඇත්තේ ඡන්දයක් නැති නිසා හදාගත් සංධානත් කැඩී ගොස් ඇති බැවින් සුදුසුම කටයුත්ත මැතිවරණය අවලංගු කිරීම බවය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාම යෝජනා අවලංගු කිරීමේ අනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එහිදී තීන්දුවකට පැමිණ ඇති බවට වාර්තා වේ.
( ලංකා සර )














































