බන්ධනාගාරවලම වයසට ගිය රැදවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළක් අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමති විජයදාස රාජපක්ෂ මහතා ආරම්භ කර ඇති බව වාර්තා වේ .
මෙරට බන්ධනාගාරවල වයස්ගත,දුර්වල සහ රෝග පීඩා සහිත සිරකරුවන් සියයක් පමණ සිටින මුත් මේ පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති වෛද්‍ය මණ්ඩලය අනුමත කර ඇත්තේ රැදවියන් 12ක් පමණකි.
ඒ අනුව මෙම රැදවියන් 12 දෙනාට ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට ඇමති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.














































