අප විසින් මීට පෙර වාර්තා කරන ලද පුවතක් පල දරමින් දේශපාලන සබඳතා මත පිටරට රැකියා දෙන බව කියමින් මුදල් වංචා කළ බව කියන මාපිටිගම මල්වානේ පදිංචි පුද්ගලයෙකු එම වංචා කළ මුදල් අද (13) දොම්පේ පොලිසියේ දී අයිතිකරුට භාර දී ඇත.
මෙම පුද්ගලයා හිටපු ජනාධිපති හා වර්තමාන අගමැතිගේ කාර්‍යාලයේ සේවය කරන ඔවුන්ගේ පවුලේ හිතවතෙකු බව හඟවමින් ජනතාව රවටා ඇතැයි කියයි.
එසේ පවසමින් තමන්ට පිටරට රැකියා සඳහා පිරිස් යැවිය හැකි යැයි එම පිරිස් රවටා ඇතැයි කියති.මෙසේ පිටරට රැකියා සඳහා යවන බව පවසා තරුණයෙකු රවටා රුපියල් 365,000ක මුදලක් ලබාගෙන පසුව අගරු චෙක්පතක් දීම ගැන 2023.02.02 දින දොම්පේ පොලිසියේ MOIB 02/19 යටතේ පැමිණිල්ලක් කර ඇත.
චෙක්පත් වංචාවට හසුවු අයට 2022.10.12 වන දින යළිත් මුදල් ලබාදෙන බව පවසා චෙක්පත මත මෙම වංචාකරු අත්සන්ද තබා තිබිණ.නමුත් නියමිත දින මුදල් ලබා නොදිම ගැන එම පුද්ගලයා නැවතත් පොලිසියට පවසා තිබිම නිසා වංචාව කළ අය ගෙන්වා නැවතත් 2023.05.10 වෙනි දින මුදල් ලබාදෙන බවට අත්සන් කර තිබිණ.
කෙසේ හෝ 2023.05.13 වන දින ඔහු සියලු මුදල් ලබා දී ඇත.ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව ඔහු තවදුරටත් වංචනිකයෙකු නොවේ.ඒ ආකාරයෙන් කටයුතු කර තමන්ට එල්ල වූ වංචාවෙන් පාඩමක් ඉගෙන ගෙන තවදුරටත් එවැනි කටයුතු සිඳු නොකර වැළකීමෙන් ඔහුටත් සමාජයටත් යහපතක් සිදු වනු ඇත.
මේ සම්බන්ධව මීට පෙර අප විසින් පල කළ පුවත පහළින්.














































