රාජංගනය පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව යාය 15 , මාරගහවැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සතුව තිබී ස්වයංක්‍රීය පිස්තෝල අවියක් , පතරොම් ගැබ් එකක් සහ පතරොම් 11ක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කර විශ්‍රාම ලැබූ අයෙක් බවත් , විශ්‍රාම ලබන විට කිලිනොච්චිය යුද හමුදා කදවුරකට අනියුක්තව රාජකාරී කර ඇති බවත් සිඳු කළ විමර්ශනවලින් අනාවරණය වූ බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරයි.














































