අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇති අතර ඊට අදාළ වන ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සුදු බිත්තර කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 880ක් ලෙස ද දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 920 ක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් .















































