ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජිං නුවරදී හෙට (20) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
චීනයේ ” එක් තීරයක් එක් මාවතක් ” වැඩසටහනට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල බීජිං නුවරට ගොස් ඇති අතර ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේ දී ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතව ඇති බව සඳහන් .














































