කළුතර 16 හැවිරිදි දැරියක් තෙවැනි මහලෙන් ඇද වැටී මියයාමේ සිදුවීමට අදාල හෝටලයේ හිමිකරුගේ බිරිඳව පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඒ මියගිය දැරිවියට නවාතැන් දීමට පෙර නිසි ක්‍රමවේදයක් අනුගමනය කර හදුනා ගැනීමේ තොරතුරු පරීක්ෂා නොකිරීම හේතුවෙන් එම අවස්ථාවේ පිළිගැනීමේ නිලධාරිනිය වශයෙන් කටයුතු කළ අවුරුදු 47ක් වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.














































